FIT වෙන්න SET වෙන්න 2.6.8

License: Free ‎File size: 15.73 MB
‎Users Rating: 0.0/5 - ‎0 ‎votes

ABOUT FIT වෙන්න SET වෙන්න

මේ App එක ලංකාවේ Developersල අපිටම ගැලපෙන විදිහට Develop කරපු App එකක්. ඔයාගේ step count එක, distance එක, burn කරපු calorie ප‍්‍රමාණය, heart rate එක වගේම sleep pattern එක track කරගන්න මේ app එකට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ app එකෙන් challenges වලට complete කරලා අපේ 50කට අධික partnersලගෙන් rewards දිනා ගන්නත් ඔයාට පුළුවන්. මේ challenges, Rewards හැම එකක්ම ලංකාවෙ අපිටම ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ APP එක ඔයාව ඔයාගේ නිරෝගීකම ගැන හිතන්න Motivate කරන විදිහේ APP එකක් වෙයි. ඒ වෙනස දින කීපයක් ඇතුලත ඔයාටම අත්විඳින්නත් ලැබෙයි. GOYO Fitness App එක ඇත්තටම ඔයාට අලූත් අත්දැකීමක් වෙයි. GOYO app එක download කරගෙන, Google fit එකත් එක්ක connect කරලා GOYO community එකට එකතු වෙන්නත් ඔයාටත් පුළුවන්. ඔයා නිරෝගී කෙනෙක් වෙන්න නම් සතියකට විනාඩි 150ක් ව්‍යායාමයේ යෙදෙන්න අවශ්‍යයි කියල ශ‍්‍රී ලංකා බෝ නොවන රෝග එකමුතුව, දියවැඩියා සංගමය සහ සෟඛය අමාත්‍යංශය නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා. ඒ වගේම ඒ විදිහට ඔයා නිවැරදි ව්‍යායාමයේ යෙදුනොත් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග වලින් වගේම පිළිකා සහ ආඝාතය වැනි රෝගවලින් 50%කින් ආරක්ෂා වෙන්න ඔබ හැකි වන බව NHS (united kingdom) ආයතනය නිකුත් කල වර්තාවකත් සඳහන් වෙලා තියනවා. නිරෝගිමත් ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් සතියකට විනාඩි 150ක් එහෙමත් නැත්නම් දිනකට විනාඩි 22ක් නිවැරදි ව්‍යායාමවල යෙදෙන්න ශ‍්‍රී ලාංකිකයන් හුරු කිරීම GOYO app එකේ එක් අරමුණක්. කාර්ය බහුල ජීවිතය අතරේ ඔයාට මඟ හැරෙන නිරෝගී ජීවිතය ඔයාට ලඟා කරගන්න GOYO app එක ඔයාට උදවු වෙයි.